අප රටේ මූල්‍ය බංකොලොත්භාවය සමග විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් විසින් මූල්‍ය අපහසුතා ඇති ජනතාවට ඔන්ලයින් ණය ලබා දී වැල් පොලී ඇති කර එම ජනතාව ණය බරින් හිර කර චරිත ඝාතන ආදිය සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දිගින් දිගටම විවිධ තොරතුරු වාර්තා විය.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේ දැනුවත් කිරීමෙන් පසු නීති සම්පාදනය වුවත් තවමත් මේ ණය මාෆියාව ක්‍රියාත්මක වීම දක්නට ලැබීම කණගාටුවට කරුණක්. එබැවින් මේ ණය මාෆියාවට හසුවූ ජනතාව නීති සහන ලබා දීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙයින් අසරණ බාවයට පත් ජනතාව සමග Citizens’ Voice වැඩසටහනට සමගාමීව පවතී හමුවකදී පොරොන්දු විය.
රට සමග අපි එකට සංවිධානයේ සාමාජිකයන් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉදිරියේ දීත් මේ ණය මාෆියාවට විරුද්ධව පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරන බව මෙහිදී විපක්ෂ නායක වරයා පැමිණ සිටි පිරිස හමුවේ ප්‍රකාශ කරන ලදි.
Lanka Newsweek © 2026